27.9 C
Galle

පොළොන්නරුවේ වඳුරන්ගෙන්, රිලවුන්ගෙන්, මිනිසුන්ට සමාජ රෝග

Published:

පොළොන්නරුව, ගිරිතලේ සහ මැදිරිගිරිය ප්‍රදේශවල සිටින වඳුරන් සහ රිලවුන්ගෙන් සාමාන්‍ය ජනතාවට සමාජ රෝග බෝ වීමේ අවදානමක් හටගෙන ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

මෙම ප්‍රදේශවල සිටින රිලවුන්ගේ සහ වඳුරන්ගේ සිරුරුවල සිපිලිස් නමැති සමාජ රෝග වැළඳුණු සතුන්ගේ මෙන් තුවාල දක්නට ඇති බැවින් එවැනි සතුන් අල්ලා ඒ පිළිබඳ කරන ලද ක්ෂේත්‍ර පරීක්ෂණයකින් තහවරු කරගෙන ඇත්තේ ඔවුන්ට එම රෝගය වැළඳී ඇති බව තහවරු කරගෙන ඇත.

වනජීවී නිලධාරීන් පවසන්නේ පොළොන්නරුව පූජා නගරය, ගිරිතලේ සහ මැදිරිගිරිය ප්‍රදේශවල සිටින මෙම වඳුරන් සහ රිලවුන් අතර සමාජ රෝග නිසා හටගත් තුවාල දක්නට ලැබෙන බවයි. එම වඳුරන් එම ප්‍රදේශවල ඇති බංකු, වෙනත් ආසන, ගස් කඳන් සහ නටඹුන් අතර සැරි සැරීමේ දී ඔවුන්ගේ තුවාල සහ ලිංගික ශ්‍රාවයන් එම ස්ථානවල පතිතවන බවත් එම ශ්‍රාවයන් මිනිස් සිරුරට ඇතුළුවීමෙන් සාමාන්‍ය ජනතාවට ද රෝගය ඇතුළුවීමට හැකියාව ඇති බවත් සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. මේ නිසා වඳුරන් සහ රිලවුන් අතර පැතිරයන සමාජ රෝග සාමාන්‍ය ජනතාව අතර ද ව්‍යාපත්වීමේ අවදානමක් පතිවන බැවින් අවධානයෙන් පසුවන ලෙස වනජීවී නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි

Related articles

Recent articles

error: Content is protected !!