වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 18ක ජනතාවට බලපෑම් එල්ල වී ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම දිස්ත්‍රික්කවල පවුල් 7,395ක පුද්ගලයන් 28,414ක් පීඩාවට පත්ව සිටින බව ද වාර්තා වී ඇත.
දැඩි වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 11ට නිකුත් කර ඇති නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝකරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාරා්ය වසන්ත සේනාධීර පවසයි.
මේ අතර ගිං ගඟ, නිල්වලා ගඟ, කළු ගඟ සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බවත් තවදුරටත් වැසි ඇතිවුවහොත් එය සුළු ගංවතුර මට්ටමක් දක්වා වර්ධනය විය හැකි බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


