ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයෙන් සොරකම් කර ඇති ස්වර්ණාභරණ අතර ශ්‍රී ලංකාවෙන් ගෙනගිය නිල් මැණික් ඔබ්බවා සැකසූ ඔටුන්නක් ද තිබූ බව ලූවර් කෞතුකාගාර බලධාරීන් පවසයි.
ප්‍රංශයේ අවසන්වරට රජකම් කළ මේරි ඇමිලි රැජින සහ හෝරටෙන්ස් රැජින පැළඳි මෛම ඔටුන්නේ එකළ සිලෝන් නමින් හැඳින් වූ වත්මන් ශ්‍රී ලංකාවෙන් ගෙනගිය නිල් මැණික් 24ක් ඔබ්බවා තිබූ බව සඳහන් වේ.
එම ඔටුන්නේ දියමන්ති 1,083ක් ද අඩංගුව තිබී ඇත. එම කුඩා ඔටුන්න ප්‍රංශයේ විවාහක රැජිනියන් සහ කුමරියන් පළඳින ඔටුන්නකි. එම කට්ටලයේ ම නිල් මැණික් සහිත මාලයක් සහ කරාබු යුගලක් ද තිබී ඇත.
එම සමස්ත ආභරණ කට්ටලයේ වටිනාකම යුරෝ මිලියන 10 ත් 12 ත් අතර අගයක් ගනී. එනම් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් බිලියන 3.5–4.2 ලෙස සැලකෙයි.
සොරකම් කරන ලද අනෙකුත් වස්තූන් අතර නැපෝලියන් බොනපාට් විසින් 1810 දී අධිරාජිනී මේරි-ලුවීස් වෙත තෑගි කරන ලද මරකත මාලයක් සහ කරාබු යුගලයක් ද තිබී ඇත. එහි වටිනාකම යුරෝ මිලියන 3.7ක් හෙවත් රුපියල් බිලියන 1.3ක් පමණ වෙයි.
ඉයුජීනි අධිරාජිනියට අයත් වර්ෂ 1600දී පමණ නිර්මාණය කරන ලද මැසරින් දියමන්ති දෙකක් සවිකරන ලද ආභරණයක් ද පැහැරගෙන ගොස් තිබේ. එහි වටිනාකම යුරෝ මිලියන 05ක් හෙවත් රුපියල් බිලියන 1.76කි.
ඉයුජීනි අධිරාජිනියට ම අයත්ව තිබූ වර්තමානයේ යූරෝ මිලියන 6.72ක් හෙවත් රුපියල් බිලියන 2.36ක් පමණ වටිනා දුනු හැඩැති දියමන්ති ආභරණයක් සහ දියමින්ති 4,000ක් සවිකර ඇති පටියක කොටසක් ද පැහැරගෙන ඇත.
පැහැරගත් භාණ්ඩ අතර ඉයුජීනිගේ මුතු මුතු 212 කින් සහ දියමන්ති 2,000 කට ආසන්න ප්‍රමාණයකින් යුතු මුතුකුටය ද වන අතර ඒහි වටිනාකම යුරෝ මිලියන 08ක් හෙවත් රුපියල් බිලියන 2.8ක් පමණ වෙයි.
සොරකම් කරන ලද වස්තූන් අතරින් සොයා ගැනීමට හැකි වූයේ ඉයුජීනිගේ ඔටුන්න පමණි. එය කෞතුකාගාරය අසලදී හානියට පත්ව හමු වූ අතර, එය සොරුන් පැන යන අතරතුර අතහැර දැමූ බව පෙනී ගොස් තිබිණි. එම ඔටුන්නේ මරකත මැණික් 56ක් සහ දියමන්ති 1,354ක් අඩංගු වේ. මෙම ඔටුන්නේ වටිනාකම පමණක් යුරෝ මිලියන 10 ක් හෙවත් බිලියන 3.5ක් පමණ වන බව සඳහන් වේ.


