24.5 C
Galle

ධීවර යාත්‍රාවක් අනතුරක, බේරාගැනීමට නාවික හමුදාව යයි

Published:

දෙවුන්දර ධීවර වරායෙන් පසුගිය අගොස්තු 31 වැනි දා මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක් ශ්‍රී ලංකාවට ගිනිකොණ දිග මුහුදේ නාවික සැතපුම් 300ක දුරින් අනතුරට ලක්ව ඇත.  මෙම යාත්‍රාවේ ධීවරයන් ගලවාගැනීම සඳහා නාවික හමුදාවේ විශේෂ යාත්‍රාවක් එම ප්‍රදේශයට පිටත්කර යැවූ බව නාවික හමුදාව පවසයි.  

එම යාත්‍රාවේ සිටි ධීවරයන්ගෙන් සිව් දෙනකු ඉන්දුනීසියානු ධීවර යාත්‍රාවකින් මුදවාගෙන ඇතැයි ද පැවසේ.

ධීවර යාත්‍රාවේ හිමිකරු පවසා ඇත්තේ පසුගිය 16 වැනි දා සිට තම යාත්‍රාව අතුරුදන්ව ඇති බවයි. එම යාත්‍රාවේ ධීවරයන් 06 දෙනකු සිට ඇත.

ධීවරයන් සිව් දෙනකු ගලවාගත් ඉන්දුනීසියානු ධීවර යාත්‍රාව ආසන්නයෙන් ගමන් කරන වෙළෙඳ නෞකාවක් විසින් මෙම ධීවරයින් පිරිස ලබාගැනීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර ඒ සඳහා කටයුතු කරමින් සිටින බව ද ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

යාත්‍රාවේ සිටි අනෙක් ධීවරයන් දෙදෙනා ගැන තවමත් කිසිදු තොරතුරක් නැත.

Related articles

Recent articles

error: Content is protected !!