24.5 C
Galle

බද්දේගම උප සභාපතිට පහරදුන් සැකකරු රිමාන්ඩ්

Published:

බද්දේගම ප්‍රාදේශිය සභාවේ  උප සභාපති සමන් සී.ලියනගේට පහරදි තුවාල සිදු කිරිම සම්න්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරණ ලද සැකකරු 31වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට ගාල්ල මහේස්ත්‍රාත් සමිර දොඩන්ගොඩ නියෝග කලේය.

මෙලෙස රිමාන්ඩ් කරන ලද්දේ බද්දේගම ප්‍රාදේශිය සභාවට සමගි ජන බලවේගියෙන් තරඟ කරණ ලද  හොරගම්පිට ගමගේ විජය කුමාර නමැති අයෙකි.

පැමිණිලිකාර උප සභාපතිවරයා සහ බිරිඳ පසුගිය 24 වැනි දා රාත්‍රි අවමංගල උත්සවයකට සහභාගිවිම  සදහා කරාපිටියේ අවමංගල උත්සව ශලාවකට ගොස් සිටියදි සැකකරුද එහි පැමිණ ඇත. එහිදි සැකකරු උප සභාපතිවරයාට අවස්ථා දෙකක දී පහර දී ඇත. උප සභාපතිවරයා පසුව බිරිද සමග එම ස්ථානයෙන් යතුරු පැදියෙන් පිටත්ව ගොස් ඇත.

එසේ යමින් සිටියදි ඔවුන් පසු පස හඹාවිත් ඇති සැකකරු ගොඩකන්ද ප්‍රදේශයේදි මඟ හරස් කොට යතුරු පැදිය නවතා  නැවත ඔහුට පහරදි තිබේ. එම අවස්ථාවේ අසල්වාසින්ද එම ස්ථානයට රැස් වී ඇති අතර පහර කෑමට ලක්වු උප සභාපතිවරයාට දින දෙකක් කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීමට සිදුව තිබිණි.

මෙම පහරදීමෙන් පසු සැකකරු ප්‍රදේශය මගහරමින් සිට පෙරේදා (28) නිතිඥවරයෙකු සමග පොලිසියට පැමිණ ඇත. පසුව පොලිසිය සැකකරු  අධිකරණයට ඉදිරිපත් කරණ ලදි.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදි සමන් සි ලියනගේ ලංකා සම සමාජ පක්ෂය සහ කොමියුනිස්ට් ඒකාබද්ධ කණ්ඩායම නියෝජනය කරමින් බද්දේගම ප්‍රාදේශීය සභාවට තරඟ කළ අතර එම කණ්ඩායමට ලැබුණු මන්ත්‍රීධූරයරක් අනුව ඔහු සභාවට පත්විය. සභාව පිහිටුවීමේ දී ජන බලවේගයට සහය දුන් හෙතෙම ප්‍රාදේශීය සභාවේ උප සභාපති ධූරයට පත්වූයේ ය. සමන් සී ලියනගේ දශක කිහිපයක් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ අතර ඔහු සමසමාජ පුවත්පතේ කර්තෘවරයා ද වෙයි.

පෝද්දල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක පී.ජේ. රාමනායක පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වු අතර සැකකරු වෙනුවෙන් ප්‍රසන්ත සිල්වා, අවන්ත නාගහවත්ත යන නිතිඥ මහත්වරුද අගතියට පත් උප සභාපතිවරයා වෙනවෙන් අජිත් කුමාර, තුෂාර ද සිල්වා යන නිතිඥවරුද පෙනි සිටියහ.

Related articles

Recent articles

error: Content is protected !!