මෙල්බර්න් හි බෞද්ධ විහාරස්ථානයක නායක හිමිපාණන් ලෙස වැඩවාසය කළ නාඔටුන්නේ විජිත නමැති බෞද්ධ භික්ෂුව බාලවයස්කාර ගැහැනු ළමයින් 06 දෙනකු අපයෝජනා කිරීමේ චෝදනාවකට වරදකරු යැයි එරට අධිකරණය මගින් තීන්දු කර තිබේ.
70 හැවිරිදි වියේ පසුවන නාඔටුන්නේ විජිත නමැති මෙම භික්ෂුව ළමා ලිංගික අපරාධ 19කට වරදකරු බව පිළිගැනීමෙන් පසු මෙල්බර්න්හි ප්‍රාන්ත අධිකරණය නඩුව විභාගයට ගෙන තිබිණි.
ඔහු වැඩ වාසය කළ බෞද්ධ විහාසරස්ථානයේ ආවසගෙය, භාවනා කාමරය සහ ඉරිදා දහම්පාසළ තුල දී වයස අවුරුදු 04-12ත් අතර ගැහැනු ළමයින් 06 දෙනකු අපයෝජනය කළා යැයි එල්ල වූ චෝදනාවලට ඔහු වරදකරු කර ඇත.
විජිතගේ අපයෝජනය ආරම්භ වී ඇත්තේ ඔහු සිටින මෙල්බර්න් ධම්ම සරණ බෞද්ධ විහාරස්ථානයේ ප්‍රධාන භික්ෂුව බවට ඔහු පත්වීමෙන් පසුව බව පැමිණිලිකරුවෝ කීහ. ඉන්පසු 2000 වර්ෂයේ දී මෙම විහාරස්ථානය කීස්බරෝ වෙත ගෙන යාමෙන් පසුව ද මෙවැනි අපයෝජන සිදු වූ බවට චෝදනා එල්ල වී තිබිණි.
අපයෝජනයට ලක්වූ දරුවන් සියලු දෙනාම මේ වනවිට වයස අවුරුදු 18 ඉක්මවා සිටින අතර ඔවුහු සියල්ලෝම නඩු විභාගයේ දී ජූරි සභාව ඉදිරියේ සාක්ෂි දුන්හ. එමෙන්ම ඔවුන්ගේ ඥාතීන් සහ මිතුරන් ද සාක්ෂි දී තිබිණි.
නාඔටුන්නේ විජිතගේ නීතිඥ නික් පපාස් ජූරි සභාවට පැවසුවේ මෙම චෝදනා වසර 25ක් හෝ 30ක් පමණ පැරණි ඒවා බවයි. එබැවින් ඒවායේ විශ්වසනීයත්වය සහ නිරවද්‍යතාව පරීක්ෂා කළ යුතු බව ද ඔහු කීවේය.
“සමහර සිදුවීම් කොතරම් අසම්භාව්‍යද යත්, ඒවා කිසියම් විශ්වසනීය පදනමක් දිගු කිරීමට තරම් අපහසුයි,” ඔහු අධිකරණයට කියා තිබිණි.
ඔහුට එල්ල වී තිබුණු චෝදනා 19න් 17කට නාඔටුන්නේ විජිත වරදකරු කර ඇති අතර වයස අවුරුදු 16ට අඩු දරුවකු අපයෝජනය කිරීමේ එක් චෝදනාවකින් හෙතෙම නිදොස්කොට නිදහස් කෙරිණි. තවත් චෝදනාවක් සම්බන්ධයෙන් තවදුරටත් විභාගය පැවැත්වේ.
ඉතිරි චෝදනා සම්බන්ධයේ ජූරියේ බහුතර තීන්දුව අනුව නාඔටුන්නේ විජිත හිමි වරදකරු බවට ප්‍රකාශ කර ඇත.


