24.5 C
Galle

දොස්තරලා වැඩ වර්ජනය අත්හිටුවා සේවයට එති

Published:

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (31) ආරම්භ කිරීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත වැඩවර්ජනය අත්හිටුවා තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය වෛධ්‍ය නලින්ද ජයතිස්ස සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ පැවැති සාකච්ඡාවකින් පසු එම වර්ජනය අත්හැරීමට තීරණය කළ බව එම සංගමය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය උත්සාහ ගැනීම අත්හිටුවීමටත්, පිළිගත් ක්‍රමවේදයකට නිශ්චිත කාලරාමුවක් සහිතව ස්ථානමාරු කිරීමට එකඟවීමත් හේතුවේන වැඩවර්ජනය නවතා දැමීමට තීරණය කළ බව ද එම සංගමය පවසා ඇත.

ඊයේ රාත්‍රී එළැඹි එම එකඟතාවක් අද (31) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පරිපාලන වෛද්‍යවරුන්ගේ විශේෂ රැස්වීමක දී තහවරු කිරීමට සෞඛ්‍ය ඇමතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා එකඟ වී තිබේ. එම සාකච්ඡාවේ එකඟතාවන් තහවරු කර ලිඛිතව ලැබෙන තුරු තම සංගමය ප්‍රකාශයට පත්කර තිබූ වැඩවර්ජනය ආරම්භ කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

නමුත් එම එකඟතා ක්‍රියාත්මක නොවන්නේ නම් ඕනෑම අවස්ථාවක නැවත වැඩවර්ජනය ආරම්භ කරන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!