කුච්චවේලි ප්‍රාදේහීය සභාවේ සභාපති අයිනියප්පිල්ලේ මුබාරක් (50) සහ ඔහුගේ පුද්ගලික රියදුරු එම්. එම්. ඉර්ෂාද් (34) අල්ලස් කොමිසම විසින් අද (31) අත්අඩංගුවට ගෙන තිබේ.
මුල්ලියාවලි ප්‍රදේශයේ පදිංචිකාරියක විසින් කරන ලද පැමිණිල්ලක් අනුව අල්ලස් නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉඩම් බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 05ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
ප්‍රාදේශීය සභා සභාපතිවරයා කලින් පැමිණිලිකාරිනියගෙන් පර්චස් 20ක ඉඩම් කොටසක් සඳහා බලපත්‍රයක් ලබා දීමට රුපියල් 160,000ක් ලබාගෙන, පසුව ඉතිරි ඉඩම් කොටස සඳහා බලපත්‍රයක් නිකුත් කිරීමට තවත් රුපියල් 500,000.00ක් ඉල්ලා ඇත.
සැකකරුවන් එම මුදල් ප්‍රමාණය ලබා ගනිමින් සිටියදී අත්අඩංගුවට ගෙන, වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා නිලාවැලි පොලීසියට භාර දී තිබිණි.
අත්අඩංගුවට ගත් සභාපතිවරයා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (SLMC) නියෝජනය කරන අතර, පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඉලංකෙයි දෙමළ අරසු කච්චි (ITAK) සමඟ ඒකාබද්ධව කුච්චවේලි ප්‍රාදේශීය සභාව පාලනය කරයි.
සැකකරුවන් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


