සිය පෙම්වතා සමඟ ත්‍රී රෝද රථය සේදීමට උත්සාහගත් තරුණියක් කැලණි ගඟට වැටී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ බගවන්තලාව ප්‍රදේශයේ තේ කර්මාන්තශාලාවක සේවය කරන 21 හැවිරිිදි තරුණියකි. ඇය තමන් සේවය කරන තේ කර්මාන්තශාලාවේ තවත් සිව්දෙනකු සමඟ කොළඹ පැමිණ අද (01) සවස කොහිලවත්ත ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථය නවතා එම පිරිස අතර සිටි ඇගේ පෙම්වතා සමඟ එක්ව වාහනය සෝදා ගැනීමට බාල්දියක් රැගෙන ජලය ගැනීමට උත්සාහ කර ඇත.
එම අවස්ථාවේ දී ඇය ගඟට වැටී ඇති අතර 25 හැවිරිදි පෙම්වතා ඇය බේරාගැනීමට ගඟට පැන ඇත. අවට සිටි පිරිස් එක්ව පෙම්වතා බේරාගෙන ඇතත් එම තරුණිය බේරාගැනීමට හැකි වී නැත.


