කොටස් වෙළෙඳ පොළ අද (03) දිනයේ ගනුදෙනු 21,728ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 5,733ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 123කින් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,928ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- පික් මී සමාගම රුපියල් මිලියන 880
- එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 563
- සියරා කේබල් සමාගම රුපියල් මිලියන 473
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ජෙට්වින් සිම්පනි සමාගම කොටස් මිලියන 14
- සියරා කේබල් සමාගම කොටස් මිලියන 13
- ඒසියා සියාකා සමාගම කොටස් මිලියන 11
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- සෙංකඩගල ෆිනෑන්ස් සමාගම 24 %
- සෙලාන් මර්චන්ට් ලීසිං සමාගම 11%
- බුකිට් ධාරා සමාගම 10%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 378
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 336
- සිලෝන් ටුබැකෝ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 318
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 483ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 1,129ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 645ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- සියරා කෝබල් සමාගම රුපියල් මිලියන 43
- කැල්ටෙක්ස් ලුබ්රිකන්ට් සමාගම රුපියල් මිලියන 14
- හේලීස් සමාගම රුපියල් මිලියන 09
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- එයිට්කන් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 561
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 51
- ඩීඑෆ්සීසී බැංකුව රුපියල් මිලියන 36
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ


