අම්බලන්ගොඩ නගර සභාව ඉදිරිපිට දී අද (04) පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු ඝාතනය වී ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස ඝාතනය කර ඇත්තේ අම්බලන්ගොඩ පෝරඹ පදිංචි වරුෂවිතාන මිරන්ත නැමති 55 හැවිරිදි අයෙකි. ඔහුගේ ඥාතියකු සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයකු බවත් මේ ඝාතනය ද එවැනිම කණ්ඩායමක ක්‍රියාවක් විය හැකියැයි ද පොලිසිය පවසයි.
මියගිය තැනැත්තා අද උදෑසන 10.30ට පමණ යතුරුපැදියකින් ගමන්කරමින් සිටිය දී මෝටර් රථයකින් පැමිණි පිරිසක් පිස්තෝලයකින් වෙඩි තබා පළාගොස් ඇත. වෙඩි වැදුණු තුවාලකරු බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව රෝහල් ප්‍රකාශකයකු කීවේය.
වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණ ඇති මරුටි වර්ගයේ මෝටර් රථයක් කරන්දෙණිය එගොඩවිල ප්‍රදේශයේ දමාගොස් තිබිය දී පොලිසිය විසින් සොයාගෙන ඇත.
ගාතනයට ලක් වූ තැනැත්තා බයුදින ධීවර යාත්‍රා හිමිකරුවකු වන අතර පසුගිය පළාත් පාලන මමැතිවරණයේ දී සමගි ජන බලවේගයේ අතිරේක ලැයිස්තුවේ නම සඳහන්ව තිබූ අයෙකි.


