කොටස් වෙළෙඳ පොළ අද (03) දිනයේ ගනුදෙනු 37,553 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,406ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 25කින් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,953ක් ලෙසිනි. ගනුදෙනු සිදුවෙමින් තිබිය දී කොටස් වෙළෙඳ පොළ සමස්ත කෙටස් මිල දර්ශකය එක් අවස්ථාවක දී ඒකක 23,000 ඉක්මවා යනු දක්නට ලැබිණි. ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 23,000 ඉක්මවා ගියේ ඉතිහාසයේ පළමු අවස්ථාවට වීම විශේෂත්වයකි. අද දිනය අවසානයේ වාර්තා වූ ඒකක 22,953 මෙතෙක් ඉතිහාසයේ වැඩිම සමස්ත කොටස් මිල දර්ශකය වෙයි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- එයිට්කන් ස්පෙන්ස් රුපියල් මිලියන 453
- සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 392
- කලම්බු ඩොක්යාඩ් සමාගම රුපියල් මිලියන 292
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- රේණුක ඇග්‍රි සමාගම කොටස් මිලියන 28
- සන්ෂයින් හෝල්ඩින් සමාගම කොටස් මිලියන 10
- සිට්‍රස් හික්කඩුව සමාගම කොටස් මිලියන 08
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- පැරගන් සමාගම 25 %
- සෙන්කඩගල ෆිනෑන්ස් සමාගම 25%
- කොත්මලේ හෝල්ඩින්ස් සමාගම 19%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 377
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 337
- සිලෝන් ටුබැකෝ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 317
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 77ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 563ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 485ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- සන්ෂයින් හෝල්ඩින්ස් රුපියල් මිලියන 12
- ඩිස්ටලරීස් සමාගම රුපියල් මිලියන 12
- අම්බන් කැපිටල් සමාගම රුපියල් මිලියන 09
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- එයිට්කන් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 410
- පික්මී සමාගම රුපියල් මිලියන 50
- මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 21
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ


