2025 වර්ෂයේ ගත වූ මාස 10ක කාලයේ දී ශ්‍රී ලංකාවට ලොකු ළූනු මෙට්‍රික් ටොන් 239,000ක පමණ ප්‍රමාණයක් ආනයනය කර ඇතැයි ශ්‍රී ලංකා රේගු අධ්යක්ෂ, රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා පවසයි.
ලොකු ළූනු ගොවීන් දිගින් දිගටම පෙන්වා දෙන්නේ රජය කිසිම සැළැස්මක් නොමැතිව ලොකු ළූනු ආනයනය කිරීම හේතුවෙන් මේ වනවිට අස්වැන්න විකුණාගත නොහැකිව තමන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බවයි.
දේශීය ලොකු ළූනු අස්වනු නෙළීම ආරම්භ වූ අගෝස්තු මාසයේ සිට ඔක්තෝබර් 31 වැනි දා දක්වා කාලයේ දී ද ලොකු ළූනු මෙට්‍රික් ටොන් 50,000කට වැඩි ප්‍රමාණයක් ආනයනය කර ඇති බව රේගුව පෙන්වා දෙයි.
දේශීය ලොකු ළූනු අස්වැන්න නෙලා මාස තුනකට ආසන්න කාලයක් ගත වී ඇතත් තම අස්වැන්න අළෙවි කිරීමට නොහැකිව ගොවීහු දැඩි අසීරුතාවකට පත්ව සිටිති. පසුගිය දිනවල ඇදහැළුණු දැඩි වරැ්ෂාව හේතුවෙන් ලොකු ළූනි වියළාගත නොහැකිව විශාල තොගයක් විනාශ වී ඇති බවට ද ගොවීහු මැසිවිලි නගති.
මෙම ගැටලුවට විසඳුමක් ලෙස ලංකා සතොස මගින් එක් ගොවියකුගෙන් සතියකට කිලෝ ග්‍රෑම් 2,000ක උපරිමයක් දක්වා ලොකු ළූනු මිල දී ගත්ත ද පනවා ඇති කොන්දේසි හේතුවෙන් එලෙස අළෙවි කිරීම ප්‍රායෝගික නැතැයි ද ගොවීන්ගෙන් එල්ලවන චෝදනාවකි.


