තම නිවසේ ඇතිකරන බල්ලකු, නොසැළකිලිමත් ලෙස නිදැල්ලේ යාමට සළස්වා මාර්ගයේ ගමන්කරන පුද්ගලයන්ට අන්තරායක් විය හැකි ආකාරයෙන් කටයුුතු කිරීම හේතුවෙන් ගාල්ල දඩල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක අත්අඩංගුවට ගත් බව ගාල්ල මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, දඩල්ල, කොළඹ පාර පදිංචි, එස්.එච්.නිලූෂා නමැති කාන්තාවකි. ඇය විසින් නිවසේ ඇතිකරන සුනඛයකු කොළඹ පාරේ ගමන්කරන පුද්ගලයන් වෙත කඩා පනිමින් සපාකන බවට එලෙස සපාකෑමට ලක් වූ පුද්ගලයකු විසින් පසුගිය 02 වැනි දා ගාල්ල මූලස්ථාන පොලිසියට පැමිණිලි කර තිබිණි.
එම පුද්ගලයා සපා කෑමට ලක්ව ඇත්තේ පසුගිය 01 වැනි දා සවස්වරුවේ දීය. එම අවස්ථාවේ දී ම තමන් එම සුනඛයාගේ ස්වාමීත්වය දරන සැකකාර කාන්තාව හමු වී සුනඛයාට ජලභීතිකා එන්නත ලබා දී ඇත්ද යන්න පිළිබඳ විමසුව ද තහවරු කරගත හැකි ලේඛන දැක්වීමට ඇය අපොහොසත් වූ බවත් පසුව ගාල්ල ජාතික රෝහලෙන් ජලභීතිකා එන්නත් ලබාගැනීමට සිදු වූ බවත් පැමිණිලි කරු පොලිසියට සඳහන් කර තිබිණි.
මෙම පැමිණිල්ලට අනුව 02 වැනි දා දවස පොලිසිය එම සුනඛයාගේ ස්වාමීත්වය දරන කාන්තාවගේ නිවසට ගොස් සොයාබැලීමේ දී ද අදාළ සුනඛයා නිවසින් බැහරව ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ නිදැල්ලේ සැරිසරමින් සිට ඇත.
මේ අනුව දෙපාර්ශවය ම කැඳවූ පොලිසිය අදාළ සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබිණි. ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 282 වගන්තිය අනුව “තම ස්වාමීත්වවයෙහි ඇති යම් සතකුගෙන් මනුෂ්‍ය ජීවිතයට විය හැකි යම් අන්තරායකින් හෝ විය හැකි බරපතළ තුවාළවීමේ අන්තරායකින් ආරක්ෂාවීමට ප්‍රමාණවත් වූ එබඳු සතකු පිළිබඳ යම් නියමන් ඉෂ්ට කිරීම දැනුවත්ව හෝ නොසැළකිලිමත් ව යමකු පැහර හැරීම යන චෝදනාව යටතේ සැකකාර කාන්තාවට එරෙහිව ගාල්ල අධිකරණයේ නඩු පැවරීමට නියමිතය.
පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ එම කාන්තාවට ලබන 10 වැනි දා අධිිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් පොලිස් ඇප මත මුදාහැරි බවයි.
දණ්ඩනීති සංග්‍රහයේ 282 වගන්තිය අනුව එවැනි වරදකට හය මාසය දක්වා කාලයක, දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් හෝ රුපියල් 20,000.00 දක්වා දඩයිකන් හෝ එකීදඬුව්ම දෙකින් ම හෝ දඬුවම් කළ යුතු වේ.


