25 C
Galle

විදුහල්පති හෙරොයින් ජාවාරමේ, ඔහුගේ බිරිඳ මාලිමාවේ නගර සභිකයෙක්

Published:

එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයකු හෙරොයින් කිලෝ එකකට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

එම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් පුද්ගලයකුගෙන් ලැබුණු තොරතුරක් අනුව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇත. එප්පාවල, ඇදගල ප්‍රදේශයේ අදාළ විදුහල්පතිවරයාට අයත් හෝටලයක් පිටුපස වළ දමා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 01ක් සහ ග්‍රෑම් 185ක් ද සොයාගෙන ඇත.

විදුහල්පතිවරයාගෙන් ප්‍රශ්න කිරීමේ දී ඒ ආසන්නයේ වැවකට දමා තිබූ පොලිතීන් සීලර් යන්ත්‍රයක් සහ මත්ද්‍රව්‍ය මැනීමට යොදා ගන්නා විද්‍යුත් තරාදියක් ද සොයාගැනීමට හැකි වී ඇත.

පොලිසිය සඳහන් කරන්නේ සැකකාර විදුහල්පතිවරයාගේ පුත්‍රයා ද මීට මාසයකට ඉහත දී හෙරොයින් ග්‍රෑම් 25ක් සමඟ අත්අඩංගුවට ගෙන සිටි බවයි. විදුහල්පතිවරයාගේ බිරිඳ ජාතික ජන බලවේගයේ නාගරික සභික වරියක බව ද අනාවරණය වී තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!