25 C
Galle

පොලිසියට බලපෑම් කළ, මාලිමා සභිකයෙක් අත්අඩංගුවට

Published:

පොලිස් රාජකාරියට බාධා කළැයි චෝදනා කරමින් හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේග සභිකයකු අත්අඩගුවට ගත් බව පොලිසිය පවසයි.

විදුලිබල මණ්ඩලයේ සේවකයකුගේ රාජකාරියට බාධා කළ බවට ලැබුණු පැමිණිල්ලකට අනුව හිඟුරක්ගොඩ පොලිසිය සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබිණි. එම අත්අඩංගුවට ගැනීමෙන් පසු හිඟුරක්ගොඩ පොලිසියට පැමිණි ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා සභිකයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ තම සොහොයුරා බව පවසමින් ඔහු නිදහස් කරණ ලෙස පොලිසියට බලපෑම් කරමින් බැන තර්ජනය කළ බව පොලිසිය පවසයි.

එහි දී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරිමේ චෝදනාව මත අදාළ ප්‍රාදේශීය සභා සභිකයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!