රත්නපුර, කුරුවිට, ඇලපාත සහ කිරිඇල්ල ප්‍රදේශවලට පැය 12ක පමණ කාලයක් පුරා ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පහත් බිම් ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මෙම වැස්ස හේතුවෙන් කුඹුරුවල මහ කන්නයේ අස්වැන්නට දැඩි හානි සිදුව ඇත. එමෙන් ම මැණික් පතල් රැසක් ජලයෙන් යට වී ඇති අතර මාර්ග කිහිපයක ද ජලය බැස නොයාමෙන් ගමනා ගමන කටයුතුවලට ද දැඩි බාධා සිදුව තිබිණි.


