කොටස් වෙළෙඳ පොළ අද (06) දිනයේ ගනුදෙනු 44,445ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 6,062ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 158කින් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 23,112ක් ලෙසිනි. කොටස් වෙළෙඳ පොළ සමස්ත කෙටස් මිල දර්ශකය ඒකක 23,000 ඉක්මවා ගොස් ස්ථාවර වූයේ ඉතිහාසයේ පළමු වතාවට අද (06) දිනයේ දී ය.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ලාෆ් ගෑස් සමාගම රුපියල් මිලියන 569
- කලම්බු ඩොක්යාඩ් සමාගම රුපියල් මිලියන 461
- ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 428
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම කොටස් මිලියන 19
- එච්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 12
- ඉන්ඩස්ට්‍රියිල් ඇක්ස්හේල් සමාගම කොටස් මිලියන 09
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- සෙංකඩගල ෆිනෑන්ස් සමාගම 24 %
- බෝගල ග්‍රැෆයිට් සමාගම 24%
- කොත්මලේ හෝල්ඩින්ස් සමාගම 22%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 385
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 337
- සිලෝන් ටුබැකෝ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 317
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 321ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 360ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 38ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 168
- හෝමාස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 68
- සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 11
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 88
- පීපල්ස් ලීසිං සමාගම රුපියල් මිලියන 82
- පික් මී සමාගම රුපියල් මිලියන 67
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ


