25 C
Galle

අයවැය දිනයේ කොටස් වෙළෙඳ පොළ වාර්තාගත නැගීමක්

Published:

කොටස් වෙළෙඳ පොළ අද (07) දිනයේ ගනුදෙනු 43,378ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 6,705ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 225කින් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 23,338ක්  ලෙසිනි. කොටස් වෙළෙඳ පොළ සමස්ත කෙටස් මිල දර්ශකය ඒකක 23,000 ඉක්මවා ගොස් ස්ථාවර වූයේ ඉතිහාසයේ පළමු වතාවට අද (06) දිනයේ දී ය.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලාෆ් ගෑස් සමාගම රුපියල් මිලියන 644
  • ඩීඑෆ්සීසී බැංකුව රුපියල් මිලියන 450
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 337

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස්න්බී ලීසිං සමාගම කොටස් මිලියන 28
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 19
  • කොටගල සමාගම කොටස් මිලියන 18

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • කොත්මලේ හෝල්ඩින්ස්  සමාගම 24 %
  • සෙංකඩගල ෆිනෑන්ස් සමාගම 24%
  • බෝගල ග්‍රැෆයිට් සමාගම 24%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 388
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 344
  • සිලෝන් ටුබැකෝ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 317

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 143ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 234ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 91ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 47
  • සීඅයිසී සමාගම (X) රුපියල් මිලියන 26
  • හේලීස් සමාගම  රුපියල් මිලියන 17

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • පීපල්ස් ලීසිං සමාගම රුපියල් මිලියන 145
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 34
  • ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 26

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

error: Content is protected !!