24.8 C
Galle

අගුල් දැමීමට එරෙහිව බ්‍රිතාන්‍යයේ විරෝධතා

Published:

බ්‍රිතාන්‍යයේ කොරෝනා අගුලු දැමීමට එරෙහිව පැවති විරෝධතා අතරතුර කලහකාරීව හැසිරුණු 22 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම විරෝධතා ලන්ඩන් හි බෝර්න්මත් නගරයේ සහ ලිවර්පූර් හි පැවැත්විණ.

කොරෝනා වයිරස සීමාකිරීම් වලට එරෙහිව සියගනන් පිරිස් විථි බැස විරෝධතාවයේ යෙදුනු අතර ඔවුන් පොලිසිය සමග ගැටුම් ඇතිකරගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මහවැසි ද නොතකමින් “නිදහස” යනුවෙන් හඬ නගමින් ඔවුහු විරෝධතාවයේ යෙදුනහ. 

ලිවර්පූල් නගරයෙන් පමණක් 13දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ලන්ඩන් නගරයෙන් හතරදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොරෝනා දෙවන රැල්ල මැඩපැවැත්වීම සඳහා බ්‍රිතාන්‍ය පුරා අගුලු දැමීමක් ක්‍රියාත්මක කර ඇති අවස්ථාවක මෙවන් විරෝධතා පැවැත්වීම සියලු දෙනාගේම ආරක්ෂාවට තර්ජනයක් බව බලධාරීහු පවසති.

මධ්‍යම අණදෙන ඒකකයේ ප්‍රධානී මයිකල් වොල්ෂ් පැවසූයේ, “අපි කොවිඩ් – 19 සීමාවන් උල්ලංඝනය කිරීම් බැරෑරුම් ලෙස සලකමු. අප තවම වසංගතය හමාර කර නැහැ. රෙගුලාසි නොසලකා හැරීම අතිශයින්ම ආත්මාර්ථකාමී ක්‍රියාවක්.”

සීසීටීවී දර්ශන උපයෝගී කරගෙන වරදකරුවන් සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බවද පොලිසිය පවසයි.

පසුගිය පැය 24 තුළ පමණක් බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ 391ක් වාර්තා වී තිබේ.

සමස්ථයක් ලෙස එක්සත් රාජධානියෙන් මේවනවිට කොරෝනා ආසාදිතයන් 1,493,383ක් වාර්තා වන අතර මරණ 54,626ක් සිදුවී තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!