26 C
Galle

LPL තරඟාවලියේ හතරේ සීමාව ළං කරලා ද ?

Published:

“My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වීම සඳහා භාවිතා කරනු ලබන හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ වටා යොදා තිබෙන හතරේ සීමාව තරග පැවැත්වෙන තණතීරුවේ සිට යාර 70 ක් ඈතට වන පරිදි මායිම් කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මායිම් රේඛා නීතිය අනුව ක්‍රිකට් තරගයක් පැවැත්වීමේදී අවම වශයෙන් තණතීරුවේ සිට හතරේ සීමාව දක්වා මීටර 65 ක දුරක් තිබිය යුතු වන අතර උපරිමය යාර 90 ක් දක්වා යෙදීමේ අවස්ථාව පවතියි.

ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ලෝකයේ භාවිතා කරන ක්‍රිකට් ක්‍රීඩාංගණ මෙන් නොව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය මධ්‍ය ලක්ෂයේ සිට මීටර 100 කට අධික දුරකින් යුක්ත වන බැවින් යාර 70 සීමාවට හතරේ සීමාව මායිම් කළද වැඩි ඉඩක් පෙන්නුම් කෙරෙනුයේ එබැවිනි.

එල්.පී.එල්. තරගාවලියේ සමාරම්භය සනිටුහන් කරමින් පැවැති කලම්බු කිංග්ස් සහ කැන්ඩි ටස්කර්ස් අතර තරගයේදී සුපිරි පන්දුවාරයේ රැස් කරන ලද ලකුණු ද සමඟ දෙපිළම ලකුණු 450 කට අධික සංඛ්‍යාවක් වාර්තා කළ අතර එහිදී දෙපිළේම පිතිකරුවන් විසින් හයේ පහර 22 ක් එල්ල කර තිබුණි.

Related articles

Recent articles

error: Content is protected !!