27.4 C
Galle

රාත්‍රිය උදාවීමටත් පෙර ‘බුරවි’ බලපෑම දැනී ඇති අයරු

Published:

බුරවි සුළි කුණාටුවේ බලපෑම මේ වනවිට උතුරු හා නැගෙනහි පළාත් දෙකටම දැඩිව දැනෙන්නට පටන්ගෙන තිබේ. දැඩි සුළං හා මහ වැසි හේතුවෙන් ගස් කඩාවැටීම්, දේපල හානිවීම් සහ වැසි ජලය පිටාර ගැලීමෙන් මාර්ග යටවීම් රැසක් ද පහත්බිම් යටවීම් ද වාර්තා වී තිබේ. මේ හේතුවෙන් ගමනා ගමන කටයුතු ද ඇතැම් ප්‍රදේශවල ඇණ හිට ඇති බැවින් ජන ජීවිතය ද අඩාල වී තිබේ.

යාපනය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ යාපනය, මුලතිව්, කිලිනොච්චිය හා මන්නාරම දිස්ත්‍රික්කවලින් ආපදා තත්ත්වයන් වාර්තා වී ඇති බවයි. කන්දපුරම් ප්‍රදේශයට බලපෑ අධික සුළං තත්ත්වයක් හේතුවෙන් ගස් කඩා වැටී නිවාස කිහිපයකට ද හානි සිදුව ඇත.

මුලතිව් මුල්ලියාවලෙයි  ප්‍රධාන මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන් ගමනාගමන කටයුතුද අඩාල වී ඇති අතර යුද හමුදාව එක්ව වැටුනු ගස් ඉවත් කිරීමේ කටයුතු සිදු කරමින් සිටිති.

(රොමේෂ් මධුශංක)

Related articles

Recent articles

error: Content is protected !!