25 C
Galle

ඇෆ්ගනිස්ථාන මාධ්‍යවේදිනිය ඝාතනය කරයි

Published:

ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර , ජලලාබාද්හි දී මාධ්‍යවේදිනියක වෙඩිතබා ඝාතනය කර තිබේ.

මලාලා මයිවාන්ඩ් නම් මෙම මාධ්‍යවේදිනිය, රැකියා ස්ථානයට යන අතරතුරදී  වෙඩිතැබීමට ලක්ව ඇති අතර එහිදී ඇගේ රියදුරු ද මියගොස් තිබේ.

ඇය එනික්ස් රූපවාහිනියේ සහ ගුවන් විදුලියේ මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කළාය.

මෙතෙක් කිසිවකු මෙම ප්‍රහාරයේ වගකීම නිල වශයෙන් බාරගෙන නොමැති අතර පළාත් ආණ්ඩුකාරවරයා පවසන්නේ ඝාතකයන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි.

සිවිල් මාධ්‍ය ක්‍රියාකාරිණියක වූ ඇගේ මව ද මීට වසර පහකට පෙර නාඳුනන  තුවක්කුකරුවන් විසින් ඝාතනය කර තිබිණි.

පසුගිය මාසයේදී ඇෆ්ගනිස්ථානයේදී රූපවාහිනී නිවේදිකාවක් ඝාතනය කරනු ලැබූ අතර සිනමා අධ්‍යක්ෂවරියක වන සබා බහාර් කාබුල් නුවරදී වෙඩි ප්‍රහාරයකට ලක්විය.

මෙවැනි ඝාතනයන් සමග කාන්තා මාධ්‍යවේදීන් සඳහා වැඩ කිරීමට ඇති ක්ෂේත්‍රය කුඩා වෙමින් පවතින බවත් ඔවුන් පෙර මෙන් එඩිකරව රැකියාවේ නිරත වීමට ඉදිරිපත් නොවනු ඇති බවත් ඇෆ්ගනිස්ථානයේ ජනමාධය සඳහා සහාය දක්වන සංවිධාන පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!