27.9 C
Galle

මොඩර්නා එන්නතට ඇමරිකාවේ අනුමැතිය

Published:

කොරෝනා වයිරසය වැළැක්වීම සඳහා නිපදවන ලද මොඩර්නා එන්නත එරට බෙදාහැරීම සඳහා ඇමරිකා එක්සත් ජනපද රජයේ අනුමැතිය හිමිව තිබේ. මේ වනවිටත් බෙදාහැරීම ආරම්භ කර ඇති ෆයිසර්/බයෝන්ටෙක් එන්නත අනුමත කිරීමෙන් සතියකට පමණ පසු මෙම දෙවන එන්නත සඳහා අනුමැති හිමි විය. ඇමරිකාවේ ආහාර හා ඖෂධ පරිපාලන ආයතනය විසින් මෙම අනුමැතිය අදාල එන්නත සඳහා ලබා දී තිබේ.

ඒ අනුව මොඩර්නා එන්නත් මාත්‍රා මිලියන 200ක් මිලදී ගැනීමට ඇමරිකාව එකඟ වී ඇති අතර එන්නත් මාත්‍රා මිලියන 06ක් නැව්ගත කිරීමට සූදානම් කර ඇති බව පැවසේ.

මොඩර්නා එන්නත 94%ක සුරක්ෂිතතාවක් පෙන්වන බව ඖෂධ නියාමකයින් වාර්තා කර ඇත.

ලොව වැඩිම කොවිඩ් ආසාදන හා මරණ සංඛ්‍යාව ඇමරිකාවෙන් වාර්තා වේ.ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ වාර්තා වලට අනුව මේ වනවිට ඇමරිකාවෙන් කොරෝනා ආසාදිතයන් 17,269,542ක් වාර්තා වන අතර අවම වශයෙන් මරණ 311,529ක් සිදුවී තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!