25.5 C
Galle

වැලිකන්ද රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනකුට කොරෝනා. එහි ම ලෙඩ්ඩු වෙති

Published:

වැලිකන්ද කොරෝනා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර පවසයි.

එම වෛද්‍යවරු දෙදෙනා පොළොන්නරුව වැළිකන්ද විශේෂ ප්‍රතිකාර ඒකකයට පැමිණ ඇත්තේ ඊයේ (25) දිනයේ දී ය. පැමිණි අවස්ථාවේ පීසීආර් පරීක්ෂණයකට යොමුකර තිබේ. පීසීආර් ලබාගත්ත ද ඔවුහු ඊයේ ම රෝහල තුළ සිය රාජකාරී ආරම්භ කළහ. අද එම වාර්තා ලැබුණු අතර කොරෝනා ආසාදිත බව තහවරු වී තිබිණි.

පොළොන්නරුව රෝහල් අධ්‍යක්ෂවරයා පවසන්නේ මෙම වෛද්‍යවරු දෙදෙනා එම රෝහලේ ම නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නා බවයි.


ඊට අමතරව මේ වෛද්‍යවරුන් සමඟ රාජකාරී කල ආශ්‍රිතයන් ලෙස හෙද කාර්ය මණ්ඩල සාමාජිකයන්
ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය 10 දෙනෙකු දැනට හඳුනාගෙන සිටින බවත් ඔවුන් පොළොන්නරුවේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයෙක නිරෝධායනය සඳහා යොමුකල බවද පැවසීය.

Related articles

Recent articles

error: Content is protected !!