26 C
Galle

2020 දී රාජ්‍ය ආයතන 52කින් 31ක්ම පාඩු ලබයි

Published:

රාජ්‍ය ආයතන 52කින් 31ක් 2020 වර්ෂයේ මුල් මාස 08ක කාලයේ දී පාඩු ලබා ඇතැයි රාජ්‍ය මූල්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වෙයි.

එහි දැක්වෙන්නේ එම ආයතන සියල්ලේ සමස්ත පාඩුව රුපියල් කෝටි 1044.8ක් බවයි. ලංකා විදුලි බල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, සීමාසහිත ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ලංකා සතොස, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිළි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය මෙලෙස පාඩු ලැබූ ආයතනවලට ඇතුළත්ව ඇත.

මෙම තොරතුරු අඩංගුවන්නේ මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේය.

Related articles

Recent articles

error: Content is protected !!