25.5 C
Galle

ඊයේ ආසාදිතයන් හමුවූ ප්‍රදේශ මෙන්න

Published:

කොරෝනා ආසාදිත බවට ඊයේ (27) හඳුනාගත් ආසාදිතයන් 598 ක් අතරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 235කි. ඉන් වැඩිම පිරිසක් දැනට හුදකලා කර ඇති අවිස්සාවේල්ල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයෙන් වාර්තාවීම ද විශේෂත්වයකි. එම සංඛ්‍යාව 150ක් බව සෞඛ්‍ය අංශ පවසයි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 164ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 84ක් වාර්තා වී තිබේ.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 36,670ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඉන් පුද්ගලයින් 28,643ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව 40,380 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත. සමස්ත ආසාදිතයින්ගෙන් 32,051 දෙනෙකු මේ වනවිට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර 8,142ක් තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 187කි. 

කොවිඩ් -19 නව ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ

කොළඹ දිස්ත්‍රික්කය – 235

අවිස්සාවේල්ල -150
පිළියන්දල -10
වැල්ලවත්ත – 8
වැල්ලම්පිටිය – 7
බොරැල්ල – 7
කෙසෙල්වත්ත – 6
කොම්පඤ්ඤ වීදිය – 4
ගල්කිස්ස – 4
කිරුළපන – 4
අතුරුගිරිය -3
බම්බලපිටිය -3
ග්‍රෑන්ඩ්පාස් – 3
මරදාන – 3
තලංගම – 3
බ්ලූමැන්ඩල් -2
මට්ටක්කුලිය – 2
දෙහිවල – 2
හෝමාගම -2
මහරගම – 2
බොරලැස්ගමුව – 1
මුල්ලේරියාව – 1
මොරටුව – 1
මිරිහාන – 1
පාදුක්ක – 1
කහතුඩුව – 1
කොස්ගම – 1

ගම්පහ දිස්ත්‍රික්කය –  164

මීගමුව – 52
පෑලියගොඩ – 26
බියගම – 11
රාගම – 10
කඩවත -9
මීරිගම – 8
මිනුවන්ගොඩ – 8
කැලණිය -8
මීගහවත්ත – 6
වේයංගොඩ – 6
කිරිඳිවෙල -6
වැලිවේරිය – 5
පල්ලෙවෙල – 4
මල්වතුහිරිපිටිය – 3
දිවුලපිටිය -1
පූගොඩ – 1

කළුතර දිස්ත්‍රික්කය – 84
මඩකලපුව දිස්ත්‍රික්කය – 25
ගාල්ල දිස්ත්‍රික්කය – 22
අම්පාර දිස්ත්‍රික්කය – 20
රත්නපුර දිස්ත්‍රික්කය – 17
නුවරඑළිය දිස්ත්‍රික්කය – 07
පුත්තලම දිස්ත්‍රික්කය – 05
කුරුණෑගල දිස්ත්‍රික්කය – 04
අනුරාධපුර දිස්ත්‍රික්කය – 04
කෑගල්ල දිස්ත්‍රික්කය – 02
මහනුවර දිස්ත්‍රික්කය – 01
මොනරාගල දිස්ත්‍රික්කය – 01
මාතර දිස්ත්‍රික්කය – 01
හම්බන්තොට දිස්ත්‍රික්කය – 01

Related articles

Recent articles

error: Content is protected !!