26.7 C
Galle

කරාපිටිය රෝහලට පැමිණ ගිය අයකුගේ පවුලේ හතරකට කොරෝනා

Published:

ගාල්ල කරාපිටි ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකට පැමිණ ප්‍රතිකාර ලබාගත් පුද්ගලයකු ඇතුළු එකම පවුලේ සිව්දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙලෙස කොරෝනා ආසාදනය වී ඇත්තේ අකුරැස්ස ඉඹුල්ගොඩ පදිංචි පිරිසකටය. එම පවුලේ සාමාජිකයකු කරාපිටිය පිළිකා ඒකකයේ කොරෝනා ආසාදිතයන් වාර්තා වූ වාට්ටුවට පැමිණ තිබූ බැවින් ඔවුන් නිරෝධායනයට යොමුකර තිබිණි. ඉන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණවල ප්‍රතිඵල අද (27) ලැබී තිබූ අතර ඉන් තහවුරු වූයේ ප්‍රතිකාර ලබාගත් පුද්ගලයා ඇතුළු ඔහුගේ පවුලේ 04 දෙනකු ම ආසාදිත බවයි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා පොකුර සක්‍රිය මට්ටමේ පවතින බවට මෙය හොඳ සාක්ෂියක් බව ද සෞඛ්‍ය නිලධාරීන් පෙන්වා දෙයි. එසේ වුව ද ඇතැම් වෛද්‍යවරු කියා තිබුණේ තම කැපවීමෙන් ගාල්ලේ කොරෝනා පාලනය කළ බවයි.

Related articles

Recent articles

error: Content is protected !!