26.7 C
Galle

ගාල්ලේ මිලිද්දුව පුද්ගලයා මියගියේ කොරෝනා හේතුවෙන් බව රජය නිල වශයෙන් කියයි

Published:

ගාල්ලේ මිලිද්දුව ප්‍රදේශයේ පදිංචිව සිටිය දී කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර සඳහා ගොස් කොරෝනා ආසාදනයෙන් මියගිය පුද්ගලයාගේ මෘත දේහය කොරෝනා හේතුවෙන් සිදුවූ මරණයක් බව තහවුරු කර ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ පවසයි.

මෙම පුද්ගලයා පසුගිය නොවැම්බර් මස 30 වැනි දා කළුබෝවිල රෝහලේ දී මියගිය අතර ඔහුගේ මරණය පිළිබඳ තොරතුරු සති ගණනක් ඉක්ම යනතුරු සෞඛ්‍ය අංශ වෙතින් ලබාදී තිබුණේ නැත. ඒ පිළිබඳ අප විසින් කරන ලද සොයා බැලීමක දී අනාවරණය වූයේ මියගිය තැනැත්තා මුස්ලිම් ජාතිකයකු බැවින් ඔහුගේ ඥාතීන් දේහය ආදාහනය කරන්නේ නම් භාර ගැනීමට නොහැකි බව පැවසීම හේතුවෙන් ආදාහනය ගැටලුවක්ව ඇති බවයි. එමෙන් ම මෙම පුද්ගලයා වකුගඩු රෝගයකට ප්‍රතිකාර ගැනීමට කළුබෝවිල රෝහලට ඇතුළත්වීමේ දී දෙහිවල ප්‍රදේශයේ ව්‍යාජ ලිපිනයක් ලබාදී තිබීම හේතුවෙන් ඔහුගේ මරණය ගාල්ල දිස්ත්‍රික්කයේ සිදුවූ මරණයක් ලෙස සළකා නොමැති බව ද කළුබෝවිල රෝහල් ප්‍රකාශකයකු කීවේය.

චාමර මහගමගේ පවසන්නේ එම පුද්ගලයාගේ ලිපිනය පිළිබඳ ඇති ගැටලු නිරාකරණය කර එය ගාල්ල දිස්ත්‍රික්කයේ සිදුවූ මරණයක් ලෙස මේ වනවිට දකුණු පළාත් සෞඛ්‍ය අංශ වෙත වාර්තා කර ඇති බවත්ය. ඒ අනුව දකුණු පළාතෙන් මේ දක්වා නිල වශයෙන් වාර්තා කර ඇති මරණ සංඛ්‍යාව 02කි. එසේ වුව ද මේ දක්වා ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා මරණ තුනක් සහ මාතර අකුරැස්සේ සිදුවූ මරණය සමඟ මරණ 04ක් වාර්තා වී තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!