26.7 C
Galle

ඊයේ ආසාදිතයන් 674 සහ මරණ 04 ගැන විස්තර

Published:

කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයන් 674 ක් ඊයේ (27) හඳුනාගෙන ඇති අතර මරණ 04ක් ද සිදුව තිබේ.  ඒ අනුව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 191ක් දක්වා ඉහළ ගොස් ඇත.

හඳුනාගත් ආසාදිතයන්ගෙන් 614 දෙනකු පෑළියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිත පොකුරෙන් වර්තාවන බවත් 54 දෙනකු බන්ධනාගාර පොකුරට අයත් බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

වාර්තා වූ තවත් ආසාදිතයන් 06 දෙනෙක් විදෙස්ගතව සිට පැමිණි අය බව ද සඳහන් වේ.

ඊයේ දිනයේ දී ද වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන 174කි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 153ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 110ක් හඳුනාගෙන තිබුණි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් – 19 ආසාදිතයින් ගණන 41,054ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 32,701ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

කොවිඩ් – 19 ආසාදිතයින් 8,162 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

ඊයේ දින නව ආසාදිතයින් හමුවූ ප්‍රදේශ පහතින් දැක්වේ,

කොළඹ දිස්ත්‍රික්කය – 174
ගම්පහ දිස්ත්‍රික්කය – 153
කළුතර දිස්ත්‍රික්කය – 110
මහනුවර දිස්ත්‍රික්කය – 52
රත්නපුර දිස්ත්‍රික්කය – 50
නුවරඑළිය දිස්ත්‍රික්කය – 26
කෑගල්ල දිස්ත්‍රික්කය – 21
ගාල්ල දිස්ත්‍රික්කය – 20
මාතර දිස්ත්‍රික්කය – 19
කුරුණෑගල දිස්ත්‍රික්කය – 15
පුත්තලම දිස්ත්‍රික්කය – 08
අනුරාධපුර දිස්ත්‍රික්කය – 05
අම්පාර දිස්ත්‍රික්කය – 05
හම්බන්තොට දිස්ත්‍රික්කය – 03
මඩකලපුව දිස්ත්‍රික්කය – 02
මොනරාගල දිස්ත්‍රික්කය – 02
මාතලේ දිස්ත්‍රික්කය – 02
පොළොන්නරුව දිස්ත්‍රික්කය – 01

මියගිය පුද්ගලයන් 04 දෙනාගේ තොරතුරු

  • පිටකෝට්ටේ පදිංචි 66 හැවිරිදි පිරිමි පුද්ගලයකු කොළඹ ජාතික රෝහලේ සිට කොරෝනා ආසාදිත බව හඳුනාගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට මාරුකර යවා ඇති අතර 26 වැනි දා මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොරෝනා නිව්මෝනියා තත්ත්වයයි.
  • රාගම පදිංචි වයස අවුරුදු 75ක කාන්තාවක් රාගම රෝහලේ සිට මුල්ලේරියාව මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එහි දී දෙසැම්බර් 26 වැනි දින මියගොස් තිබේ. මරණය සිදුව ඇත්තේ කොරෝනා නිව්මෝනියා තත්ත්වය සමඟ ඇති වූ මොළයේ ආසාදනයකි.
  • කඩවත පදිංචි 78 හැවිරිදි කාන්තාවක් රාගම රෝහලේ සිට මුල්ලේරියාව රෝහලට මාරු කර යවා ඇත. කොරෝනා නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් දෙසැම්බර් මස 25 වැනි දින මියගොස් තිබේ.
  • වව්නියාවේ පදිංචි 52 හැවිරිදි කාන්තාවක් වව්නියාව දිස්ත්‍රික් රෝහලේ සිට අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබේ. දෙසැම්බර් 26 වැනි දින කොරෝනා නිව්මෝනියා තත්ත්වය සමඟ ඇති වූ හෘදයාබාධයකින් මියගොස් තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!