27.4 C
Galle

එක් පුද්ගලයකු නිසා නගර 05ක කඩ 400ක් වසා දමයි

Published:

වෙළඳ අළෙවි නියෝජිතයකු කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගැනීම හේතුවෙන් ඔහු සංචාරය කළ නගර 05ක ව්‍යාපාරික ස්ථාන 400කට ආසන්න සංඛ්‍යාවක් වසා දැමීමට සිදුව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ගම්පොළ, පේරාදෙණිය, වැලිගල්ල, ගෙලිඔය හා කොස්හින්න නගරවල මෙලෙස ව්‍යාපාරික ස්ථාන වසා දමා තිබේ. ගම්පොළ නගරයේ පමණක් වසා දමා ඇති වෙළෙඳ සැල් සංඛ්‍යාව 120කි. සෞඛ්‍ය අංශ පවසන්නේ ගම්පොළ නගර සීමාවෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයන් 33 දෙනකු වාර්තා වන බවයි.

Related articles

Recent articles

error: Content is protected !!