27.9 C
Galle

මෘතදේහ ආදාහනය කිරීම රජයේ ස්ථාවරය බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අධිකරණයට කියයි

Published:

ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය කොරෝනා මෘත දේහ ආදාහනය කළ යුතුය යන්න බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (30)  වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වා ඇත.

මහර බන්ධනාගරය තුළ නොවැම්බර් 29 වැනි දා ඇති වූ ගැටුමෙන් මියගොස් සිටි තවත් පුද්ගලයන් 04 දෙනකුගේ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් මේ පව ප්‍රකාශ කර තිබේ.

එම රැඳවියන් හතර දෙනාම කොරෝනා ආසදිතයන් බව හඳුනාගෙන තිබිණි. මේ අනුව වත්තල මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර ඇත්තේ එම සිරුරු හතර කොරෝනා ආසාදිත සිරුරු සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ගය අනුව ආදාහනය කළ යුතු බවයි.

මහර බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුමෙන් රැඳවියන් 11 දෙනෙක් මියගිය අතර ඉන් 8 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගත් අතර ඒ අනුව ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ විශේෂඥ කමිටුවක් මගින් සිදුකළේය.

Related articles

Recent articles

error: Content is protected !!