27.9 C
Galle

නිල වශයෙන් ඊයේ වාර්තා කළ මරණ පිළිබඳ තොරතුරු

Published:

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ (30) රාත්‍රී 199 දක්වා ඉහළ ගියේය. ඒ තවත් මරණ 04ක තොරතුරු සෞඛය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් ලබාදීම හේතුවෙනි.

ඊයේ වාර්තා කළ මරණවල විස්තර

  1. මඩකලපුව පදිංචි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මඩකලපුව ශික්ෂණ රෝහලේ දී ඊයේ (30) මියගොස් ඇත. මරණය සිදුව ඇත්තේ කොවිඩ් නිව්මෝනියාව හා මොළයට විෂබීජයක් යාමෙනි.
  2. කොළඹ 10 පිදිංචි වයස අවුරුදු 70ක කාන්තාවක් ජාතික රෝහලේ දී කොරෝනා ආසාදිත බව හඳුනාගෙන හෝමාගම රෝහලට යවා ඇති අතර 29 වැනි දා මියගියාය. මරණයට හේතුව උග්‍ර අක්මා ආසාදනයක් සහ කොරෝනා සමඟ ඇතිවූ ලේ විෂවීමකි
  3. කොළොන්නාවව පදිංචි වයස අවුරුදු 50ක පිරිමි පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලේ දී කොරෝනා ආසාදිත බව හඳුනාගෙන හෝමාගම රෝහලට යවා ඇති අතර එහි දී 29 වැනිදා මියගියේය. මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ වකුගඩු ආසාදනය සමඟ අධි රුධිර පීඩනය හා හෘද රෝග තත්ත්වයකි.
  4. කොළඹ 15 පදිංචි 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් 29 වැනි දා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන වීටත් මිය‌ගොස් සිටියේය. ඔහු කොරෝනා නිව්මෝනියා තත්ත්වය සමඟ උග්‍ර වූ දියවැඩියා තත්ත්වය හේතුවෙන් මියගොස් තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!