26.7 C
Galle

ක්‍රිකට් කණ්ඩායමට නව කළමනාකරුවෙක් එයි

Published:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා කළමනාකරු ලෙස ජෙරම් ජයරත්න පත්කළ බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන අසන්ත ද මෙල් පුද්ගලික හේතුවක් මත එම තනතුරින් ඉවත්වීම හේතුවෙන් මෙම පත්කිරීම සිදුකර ඇත.

ජයරත්න මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන ක්‍රිකට් මෙහෙයුම් නිලධාාරියා ලෙස කටයුතු කරයි. එම තනතුරට අමතරව මේ පත්වීම ඔහුට ලබා දී ඇත.

වෘත්තීය පුහුණුකරුවකු වන ජයරත්න මීට පෙර ජාතික කණ්ඩායමේ අතුරු පුහුණුකරු ලෙස ද කටයුතු කර තිබේ. එමෙන්ම හෙතෙම කණ්ඩායමේ උපදේශකයෙක් ලෙස ද කටයුතු කර ඇත

Related articles

Recent articles

error: Content is protected !!