27.5 C
Galle

විසි පස් වසරක් පැරණි ඒ බිහිසුණු මොහොත

Published:

මේ ඡායාරූප අදට හරියටම වසර 25ක් පැරණිය. මෙරට බෙදුම්වාදී අරගලයකට නායකත්වය දුන් ප්‍රභාකරන් සිය කොටි සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් මෙහෙයවිමින් කොළඹ කොටුවේ පිහිටි මහ බැංකුවට එල්ල කළ ප්‍රහාරයේ බිහිසුණු මතකයයි මේ.

1996 ජනවාරි 31 දා දහයියා සහ සහල් පිරව ලොරියක් සමඟ පුපුරණ ද්‍රව්‍ය කිලේ 275ක් පුරවා මෙරට ආර්ථික මර්මස්ථානයට එවා තිබිණි. මේ බෝම්බය මෙතැනට එනතුරුම බුද්ධි අංශ දැන සිටියේ නැත. ලොරියේ රියදුරු ලෙස රගු මෝහන් හෙවත් රාජ් ක්‍රියා කර තිබිණ. ඔහුගේ සහායකයන් කුට්ටි සහ රමේෂ් ලෙස හඳුනා ගැණිනි.

බෝම්බය පිරවූ ලොරිය මහ බැංකුවේ හප්පවා බෝම්බය පිපිරීමත් සම රියදුරු ලෙස කටයුතු කළ රාජ් මියගියේය. රමේෂ් හා කුට්ටි පැන යන විට මිනිසුන් විසින් අල්ලා ගැණිනි.

 * මියගිය සංඛ්‍යාව 91 යි.
 
 * තුවාල ලත් සංඛ්‍යාව 1400
 
 * මහ බැංකුවට සිදුවූ අලාභය රුපියල් මිලියන 375
 
 * අවට ගොඩනැඟිලිවලට අලාභය රුපියල් මිලියන 1050
 
 * විනාශ වූ වාහන සංඛ්‍යාව 21යි
 
 * මේ ප්‍රහාරය මෙහෙයවීමේ වරදට ප‍්‍රභාකරන්ට වසර 200 ක සිරදඬුවම් නියම කෙරිණි.

Related articles

spot_img
error: Content is protected !!