29.8 C
Galle

ජොන්ස්ටන් නිදොස් කොට නිදහස් කරයි

Published:

සතොස සේවකයන් 153 දෙනකු රාජකාරියට පරිබාහිර සේවයට යොදවා රජයට රුපියල් ලක්ෂ 400ක පාඩුවක් සිදුකරන ලදැයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව ගොනුකර තිබූ නඩු දෙකකින් අමාත්‍යවරයා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

මෙම නඩු දෙක ගොනුකර තිබුණේ අල්ස් හෝ දූෂණ කොමිෂන් සභාව විසිනි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා 2010 සිට 2014 දක්වා කාලයේ දී සතොස සේවකයන් වෙනත් කටයුතු සඳහා යොදවා ඇතැයි චෝදනා එල්ල කර තිබිණි.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් ‍ගොනු කළ ප්‍රතිශෝධනය පෙත්සමක් සළකා බැලීමෙන් පසු මෙම නඩුව පවරා ඇති ආකාරය නීතියට පටහැනි යැයි ප්‍රකාශයට පත්කරමින් අමාත්‍යවරයා නිදහස් කිරීමට මහාධිකරණ දුන් නියෝගයකට අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් ක‍රනු ලැබීය.

Related articles

spot_img
error: Content is protected !!