29.8 C
Galle

සතොස හිස්

Published:

රටපුරා සතොස වෙළෙඳ සැල්වල සහල්, සීනි, පරිප්පු ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක් නොමැති බව පාරිභෝගිකයෝ චෝදනා කරති.

ඉන්දියාවෙන් ලැබුණු කැකුළු සහල් තොග සතොස වෙළෙඳ සැල් ඔස්සේ බෙදාහරින බවට කලින් කරන ලද ප්‍රචාරයන් හේතුවෙන් සතොස වෙළෙඳ සැල් විවෘත කරන අවස්ථාවේ විශාල පෝළිම් දක්නට ලැබිණි. එසේ වුව ද සතොස ශාඛාවල එක් පුද්ගලයකුට සහල් නිකුත්කරන ලද්දේ කිලෝ ග්‍රෑම් 03ක් වශයෙනි.එම ප්‍රමාණය ලබා දෙන්නේ ද තවත් භාණ්ඩ මිල දී ගන්නේ නම් පමණි. එවැනි කොන්දේසියක් පනවා තිබුණ ද එය නීති විරෝධීය.

සතොස වෙ‍ළෙඳ සැල්වල රාක්ක බොහොමයක් හිස්ව තිබෙන බව පාරිභෝගිකයෝ කියති.

Related articles

spot_img
error: Content is protected !!