26.8 C
Galle

පොලිස් ජීප් රියේ ගැටී අයෙක් මරුට

Published:

සැකකරුවකු රැගෙන මහේස්ත්‍රාත් හමුවට යමින් තිබූ පොලිස් ජීප් රථයක ගැටීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ මාතර, තිහගොඩ ‍පළොල්පිටියේ පදිංචි 75 හැවිරදි පුද්ගලයෙකි. පොලිසිය පවසන්නේ තිහගොඩ පොලිසියේ ජීප් රථයේ ඊයේ (04) සවස ඔහු ගැටී ඇති බවයි. තුඩාව පාලම අසළ ඇති පදික මාරුවේ දී එම පුද්ගලයා අනතුරට ලක්ව ඇති අතර ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

ජීප් රථය පැදවී තිහගොඩ පොලිසියට අනුයුක්තව සිටින පොලිස් සැරයන් රියදුරුවරයා මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටියි.

Related articles

spot_img
error: Content is protected !!