29.9 C
Galle

අධිවේගයේ නීති කැඩූ රථයේ රියදුරා අත්අඩංගුවට

Published:

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සහ මාතර ප්‍රදේශයේ දී මෝටර් රථයක වා කවුළුවලින් සිරුරේ කොටසක් එළියට දමාගෙන ගමන් කිරීම සම්බන්ධයෙන් එම රථය පැදවූ රියදුරා අද (12) සවස අත්අඩංගුවට ගත් බව පොලිස් මාද්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අකුරණ පදිංචි අයෙක්. ඔහු 20 හැවිරිදි වියේ පසුවන බව ද අනාවරණ්‍ය වී ඇත.

අජිත් රෝහණ පවසන්නේ අනතුරුදායක අයුරින් සහ අපරික්ෂාකාරී ලෙස මෝටර් රථයක් පැදවීම, මාර්ගයේ ගමන් ගන්නා අනෙකුත් පුද්ගලයන්ට අවහිර කිරීම යන කරුණු අනුව මංමාවත් පනත යටතේ සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!