26.8 C
Galle

ඉන්ධන ප්‍රවාහනයට බාධා කරන්න එපා

Published:

ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර්වලට බාධා නොකරන්න යැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඉල්ලා සිටියි.

රඹුක්කන ප්‍රදේශයේ විරෝධතාකරුවන්ට ඒල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් තම කණස්සල්ල පළකරන බවත්, සාමකාමී විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම්වලට ද ප්‍රචණ්ඩත්වය හේතුවෙන් බාධා සිදුවන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

ඉන්ධන ඇතුළු අත්‍යාවශ්‍ය සේවා ලබාගැනීමත් ජනතාවගේ අයිතියක් බවත් ඉන්ධන ප්‍රවාහනය අවහිරවීමෙන් අනෙක් සියලුම අංශවලට එය අහිතකර ලෙස බලපාන බවත් හෙතෙම පෙන්වාදෙයි.

Related articles

spot_img
error: Content is protected !!