27.2 C
Galle

උසස් පෙළ ප්‍රතිඵල අප්‍රේල් අවසානයට පෙර

Published:

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම අප්‍රේල් 30 වැනි දාට පෙර නිකුත්කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පවසයි. ඔහු පවසන්නේ විභාග ප්‍රතිඵල සමීක්ෂණ කටයුතු අවසන්කිරීමෙන් පසු මේ දිනවල z-score සකසමින් සිටින බවයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පවසන්නේ විභාග ප්‍රතිඵල නිකුත් කළ වහාම අයදුම් පත්‍ර කැඳවා මාස තුනක් ඇතුළත විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු නිකුත් කිරීමට සැළසුම් කර ඇති බවයි.

ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය ද, ජයවර්ධනපුර දන්ත වෛද්‍ය පීඨය ද ඇතුළු නව පාඨමාලා කිහිපයකට ද සිසුන් ඇතුළත් කරගැනීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!