29.4 C
Galle

අධිකරණයට ඉදිරිපත් කළ මේජර් ජනරාල් ශරීර ඇප මත මුදාහරී

Published:

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරින්ගේ රාජකාරයට බාධා කරමින් මරණ තර්ජන කරමින් එක් වනජීවී නිලධාරියකුට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මේජර් ජනරාල්වරයා රුපියල් ලක්ෂ 05ක් බැගින් වටිනා ශරීර ඇප මත මුදාහැරීමට කැකිරාව දිසා විනිසුරු මහේස්ත්‍රාත් සමන් වරුණියගොඩ අද (01) නියෝග කළේය.

මෙලෙස ඇපමත මුදාහරින ලද්දේ ශ්‍රී ලංකා යුද හමුදාවේ විසි එක්වැනි සේනාංකයේ සේනාධිපති මේජර් ජනරාල් මොහාන් රත්නායක නමැති අයෙකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් 2022 – 02-22 දිනයේ යලි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද මහේස්ත්‍රාත්වරයා මේජර් ජනරාල්වරයාට නියෝග කළේය.

Related articles

spot_img
error: Content is protected !!