28.7 C
Galle

තුන්වැනි රැල්ල වඩාත් දරුණු වෙයි ?

Published:

උත්සව කාලයේ දී ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු අනුගමනය නොකරන්නේ නම් කොරෝනා තුන්වැනි රැල්ල ඇතිවීම වැළැක්විය නොහැකි වන බවත් එය වඩාත් දරුණු වනු ඇති බවත් සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවූහ.

එබැවින් උත්සව කාලයේ දී වුව ද අනවශ්‍ය ගමන් බිමන් සීමා කරන ලෙසද ඉල්ලා සිටියහ. එහෙත් සිදුවූයේ එය නොවේ. පසුගිය දින කිහිපයක දී වෙළෙඳ සැල් පිරී ඉතිරී ගොස් තිබූ අතර දැන් මේ වනවිට පොදු ස්ථාන රැසක් පිරී ඉතිරී ගොස් පවතී.

මෙම ඡායාරූපවලින් දැක්වෙන්නේ මේ දිනවල වැල්ලවත්ත වෙරළ හා ගාලු මුවදොර දිස්වන ආකාරයයි.

මොවුන්ට කොරෝනා වසංගතය ගැන කිසිදු තැකීමක් ඇති බවක් පෙනෙන්නට නැත.

ඡායාරූපය ලබාගත්තේ මාධ්‍යවේදී සුනිල් ජයසිරිගේ ට්විටර් ගිනුමෙනි.

Related articles

spot_img
error: Content is protected !!