29.4 C
Galle

අතුරුදන් වූවා යැයි කියූ දැරිය පියා භාරයේ සිටිය දී හමුවෙයි

Published:

අතුරුදන් වූ බව කියූ දෙහැවිරිදි දැරිය ඇගේ පියා භාරයේ සිටිය දී සොයාගත් බව පොලිසිය පවසයි.

මීගමුව තලාහේන ප්‍රදේශයේ පදිංචි මවක් විසින් සිය දියණිය අතුරුදන්ව ඇතැයි කරන ලද දැනුම් දීමකට අනුව ඊයේ (17) එම දැරිය සොයාගැනීමට පොලිසිය හා ශ්‍රී ලංකා ළමා ආරක්ෂණ අධිකාරිය මහජන සහය ද ඉල්ලා තිබිණි. මේ පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ගෙන ගිය ද දැරියගේ දෙමාපියන් විසින් ලබාදුන් තොරතුරු පිළිබඳ rata.lk වෙබ් අඩවියට ඇති වූ සැකය හේතුවෙන් ඒ පිළිබඳ වාර්තා කිරීමෙන් අපි වැළකී සිටියෙමු.

අද (18) අනාවරණය වූයේ මව සහ පියා අතර ඇති විරසකයක් හේතුවෙන් පියා දියණිය රැගෙන ගොස් ඔහු භාරයේ තබාගෙන ඇති බවයි. මව පවසන්නේ ඔහු තම දියණිය බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇති බවකි. කෙසේ වෙතත් මව සහ පියා දැරියගේ භාරකාරත්වය සම්බන්ධයෙන් එකඟතාවකට නොපැමිණීම හේතුවෙන් දැරිය පරිවාස භාරයට පත්කිරීමට සිදුවනු ඇතැයි ළමා ආරක්ෂණ අධිකාරිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!