29.4 C
Galle

නිවසක සිදුවූ ගින්නකින් අයෙක් මරුට

Published:

මාතලේ දළුපොතගම උතුරු මාතලේ නිවසක ඇතිවූ ගින්නකින් පිළිස්සුම් තුවාල ලැබූ පුද්ගලයකු මාතලේ මහ රෝහලේ දී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

ඊයේ  (17) රාත්‍රී මෙම ගින්න හටගෙන ඇති අතර මියගොස් ඇත්තේ 66 හැවිරදි පුද්ගලයෙකි.

ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දමා ගින්නට හසුවී සිටි තැනැත්තා රෝහල්ගත කර තිබිණි. පොලිසිය පවසන්නේ ඔහු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය බවයි. මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය අද (18) සිදුකිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!