29.6 C
Galle

වැවේ දිය නෑමට ගිය සිසු දෙදෙනා නොඑන ගමන් යති

Published:

තඹලගමුව පොලිස් බල ප්‍රදේශයේ මොල්ලිපොතාන පිහිටි පරවිපඤ්ඤාන් වැවේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ රිච්චන් නගර් පදිංචිව සිටි බුහාරි නගර් මුස්ලිම් විද්‍යාලයේ 08 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන මොහොම්මදු සුවහිල් තහාදින් අස්ලාම් හා මොල්ලිපොතානා හිජ්රා විද්‍යාලයේ 08 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අලිප්දින් මොහොමදු අස්හාන් නැමැති දෙදෙනෙකි.

ඔවුන් දියේ ගිලුණු අවස්ථාවේ දී ම ඒ බව දුටු පිරිසක් විසින් ගොඩට ගෙනවිත් ඇතත් එක් සිසුවකු ඒ වනවිටත් මියගොස් සිටි බව පොලිසිය පවසයි. අනෙක් සිසුවා කන්තලේ රෝහලට රැගෙන යන අතරතුර මියගොස් ඇත.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ තඹලගමුව පොලිසිය විසින් සිදුකරයි.

Related articles

error: Content is protected !!