29.4 C
Galle

බණ්ඩාරගම වැවේ ගිලී උසස් පෙළ සිසුවෙක් අතුරුදන් වෙයි

Published:

බණ්ඩාරගම, උයන්වත්ත වැවේ පිහිනීමට ගිය උසස් පෙළ සිසුවකු අද (17) අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ හෝමාගම අතුරුගිරිය ශාන්තාලෝකගම පදිංචි ඉසුරු මේනක (19) නමැති හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරන සිසුවෙකි.

ඔහු තවත් මිතුරන් පිරිසක් සමඟ යතුරුපැදි සහ ත්‍රීරෝද රථවලින් පැමිණ උයන්වත්ත වැවේ දිය නාමින් විනෝද වෙමින් සිට ඇති බව ද පොලිසිය පවසයි.

අතුරුදන් වූ සිසුවාගේ සිරුර සොයා පොලිසිය, ගම්වාසීන් සමඟ එක්ව මෙහෙයුමක් දියත් කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!