29.4 C
Galle

ඉන්දියාවේ දිල්ලි නගරය වසා දමයි

Published:

කොරෝනා වසංගත තත්ත්වය වැඩිවීම හේතුවෙන් ඉන්දියාවේ දිල්ලි අගනුවර අද සිට සතියක කාලයක් වසා දමන බව එරට රජය නිවේදනය කරයි.

මේ වනවිට දිල්ලියේ සෞඛ්‍ය සේවාවන් පවා අඩපණ වී තිබේ. ඊයේ දිනයේ දී ‍ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 275,306 දෙනකු වාර්තා වීම හේතුවෙන් මේ තීරණය ගෙන ඇත. කෙසේ වෙතත් නගරය වසා දැමුව ද රාජ්‍ය ආතතන, රෝහල්, ඖෂධ සැල්, භාණ්ඩ අළෙවි සැල් වැනි අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතන විවෘතව තබන බව ද රජය නිවේදනය කර ඇත.

ඉන්දියාවේ කොරෝනා යළි ව්‍යාප්තවීම හේතුවෙවන් බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ ඉන්දීය සංචාරය ද අවලංගු කර තිබේ. ඔහු ලබන සතියේ ඉන්දියාවේ සංචාරයක නිරතවීමට සැළසුම් කර තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!