28.7 C
Galle

කොරෝනා අලුත් ප්‍රබේදයක්, දැඩි සත්කාර ඒකක පිරෙයි. රජය අනතුරු අඟවයි

Published:

ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය වැඩිවීමේ ප්‍රවණතාවක් ඇතිවී තිබෙන බවත් දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළත්වීමේ සීඝ්‍ර වැඩිවීමක් නිරීක්ෂණය වන බැවින් දැඩි අවධානයකින් සිටිය යුතු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

එම කාර්යාංශය දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකාවේ මීට පෙර හමු නොවූ කොරෝනා වයිරස ප්‍රබේදයක් පසුගිය දින කිහිපය තුළ වාර්තා වී ඇති බවයි. මේ පිළිබඳ විද්‍යාත්මක දත්ත සමාලෝචනය හා තොරතුරු අධ්‍යනය කිරීම දැනටමත් සිදුකරගෙන යන බව ද එම කාර්යාංශය දැනුම් දී ඇත.

රෝග නිවාරණ උපදෙස් පිළිපැදීම මගින් රෝග පැතිරීම ඉතා ඉක්මනින් පාලනය කළ හැකි වුව ද පසුගිය උත්සව කාලයේ දී හා ඊට සමගාමීව මෙම සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ක්‍රමයෙන් අඩු වීමක් දක්නට ලැබීම මෙම අලුත් අවදානම් තත්ත්වයක් නිර්මාණය වීමට හේතු වී ඇතැයි ද එම නිවේදනයේ සඳහන් කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!