28.3 C
Galle

නැගෙනහිර පන්ති තාවකාලිකව නවතයි.

Published:

නැගෙනහිර පළාතේ පාසල් සිසු සිසුවියන් අතර කොරෝනා වයිරසය පැතිරයාම වැළැක්වීම සඳහා අමතර පන්ති සියල්ල තාවකාලිකව නතර කිරීමට නියෝග කළ බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසයි.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුකාරවරිය පවසන්නේ මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවිකාවන් කන්තලේ මහඔය සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශවල පදිංචිව බවයි. මෙම සේවිකාවන්ගේ දරුවන් ඇතුළු පවුල්වල සාමාජික සාමාජිකාවන් මේ වනවිටත් නිරෝධායනයට යොමුකර ඇති බැවින් එලෙස නිරෝධායනයට යොමුවූ පිරිස් ඇසුරුකර තිබූ පුද්ගලයන් ද ළමුන් අතරට පැමිණීම වැළැක්වීම සඳා මෙවැනි පියවරක් ගත් බව ද එම නිවේදනයේ දැක්වේ.

Related articles

spot_img
error: Content is protected !!